පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ මේ නිසා බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාව සඳහා වසා තැබෙන බවයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා කියා සිටියේ කාර්යාල වසා තිබුණ ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලුම අයදුම්කරුවන්ට එදින හෝ ඊට පෙර හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමු කරන බවය. එමෙන්ම ඉල්ලුම්පත් යොමු කළ අයගේ හැදුනුම්පත් කඩිනමින් යොමු කරන බවත් එමහතා පැවසීය.
විශේෂ වැඩපිළිවෙළක් යටතේ විභාග, සම්මුඛ පරීක්‍ෂණ සහ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි අවශ්‍යතා සඳහා හැදුනුම්පත් ලබාදීම සිදු කරනු ලැබේ. ඒ සඳහා 0115226126 හෝ 0115226100 (ප්‍රධාන කාර්යාලය), 0912228348 (දකුණු පළාත් කාර්යාලය), 0372224337 (වයඹ පළාත් කාර්යාලය), 0652229449 (නැගෙනහිර පළාත් කාර්යාලය) සහ 0242227201 (උතුරු පළාත් කාර්යලය) යන දුරකථනවලට සතියේ දිනවල ඇමතිය හැක. එමෙන්ම info@drp.lk යන විද්‍යුත් ලිපිනය හරහා ද තොරතුරු ලබාගත හැකි බවත් එම දෙපාර්තමේනතුව වැඩි දුරටත් පවසයි.




