ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන අද(17) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙරදා(16) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡාව සිදු කෙරිණු අතර මෙය විනාඩි 40 ක පමණ කාලයක් පවත්වා ඇත.
කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති සහ එජාප නායකයා අතර පමණක් මෙම සාකච්ඡාව පැවැත්වුනා.




