පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ(රැපිඩ් ඇන්ටිජන් ) වලට නැවතත් යොමු කිරීමට නියමිතය.පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම තීරණය ගෙන ඇත.
අද ( 17) පෙරවරු 9.00 සිට දහවල් 12.30 දක්වා එම පරීක්ෂණ වටය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් සහ පාර්ලිමේන්තු සේවකයෝ විශාල පිරිසක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූ අතර සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ ආසාදිතයන් හමුවී ඇති ප්‍රදේශවල සිට පැමිණෙන නිලධාරීන් මෙම පරීක්ෂණ වලට භාජනය කිරීම වඩාත් සුදුසු බවය.
පාර්ලිමේන්තු ප්‍රධානීහු කියා සිටියේ කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානින්ට ලබා දී ඇති උපදෙස් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලය හා අනුබද්ධ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ හා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ වටය ක්‍රියාත්මක කෙරෙන බවය.




