කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
සුරේෂ් පෙරේරා මහතා වසර 40ක පමණ කාලයක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළහ. ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය.
පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනී රාණි මොහොමඩ් මහත්මියගේ සොහොයුරා ද වේ.
එක් දියණියකගේ පියෙක් වන සුරේෂ් පෙරේරා මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී ඊයේ (18) සිදුකෙරිණි.