පසුගිය කාලය තුළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ තේමා පාඨය බවට පත්වී තිබුණේ 'බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි' යන්න වුව ද මේ වන විට ඔහු පාර්ලිමේන්තුවට පැමිණ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් ආණ්ඩුවේ ප්‍රශ්න විසඳුනු නමුත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පවසන්නේ කොරෝනා ආසාදිත පවුල්වලට මින් පෙර රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්න ද බැසිල් මහතා මුදල් අමාත්‍යවරයා වීමෙන් පසු එය රුපියල් 2000 දක්වා අඩු කර ඇති බවයි.
"මේ රටේ මිනිස්සු උදේට කිරි එකක් බිවුවා.කිරි එක බීපු මිනිහා ප්ලේන්ටියට වැටුණා.කහට බීපු මිනිහා ඇල් වතුර බොන තැනට වැටුණා." රට තුළ මේ වන විට පවතින කිරිපිටි හිඟය පිළිබඳ අදහස් දක්වමින් රංගේබණඩාර මහතා මෙසේ පැවසුවා.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසු රුපියල් 85 ට තිබූ සීනි කිලෝවක මිල අද සිට රුපියල් 220ක් දක්වා වැඩි කර තිබෙන බවත් ගෑස් මිල වැඩි කර ප්‍රමාණය අඩු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
නව පියවර ලෙස ආණ්ඩුව සැරසෙන්නේ රාජ්‍ය සේවකයාගේ වැටුප ද අත තැබීමට බව නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.