2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් සපුරා ගැනීමේ ඉලක්කය මත අතරමග නැවතුණු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
පසුගිය ආණ්ඩු කිහිපයක් යටතේ වසර 10 ටත් වඩා ප්‍රමාද වී ගොඩ ගැසී ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ලියාපදිංචි වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් කඩිනමින් යළි ක්‍රියාත්මක කිරීමට විෂය භාර ඇමතිවරයා ලෙස තමා සමත්වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ අනුරාධපුර තරියන්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් නවතා දමා තිබූ සුර්ය බලාගාරයක වැඩකටයුතු නිරීක්ෂණයට එක් වෙමිනි.
මෙගාවොට් 01ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ අරමුණින් 2017 වර්ෂයේ ටෙන්ඩරයට අනුව තරියන්කුලම ප්‍රදේශයේ අක්කර හතරක භූමි ප්‍රමාණයක ඉදිකිරීම ආරම්භ කළ මෙම බලාගාරය මෙම වසර අවසන් වීමට පෙර ඉදිකිරීම් නිමා කර ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
"අපි මේ වන විට මෙගාවොට් 550ක් පමණ වසර 10ක් තිස්සේ ක්‍රියාත්මක කිරිමට නොහැකි වුණු ව්‍යාපෘති නැවත වරක් විදුලිය ජනනය කිරීමට අවශය බලපත්‍ර ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර කැබිනට් අනුමැතිය ලබා ගෙන තියෙනවා.මේ වන විට ඒ සියළු ම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා.විදුලිබල මණ්ඩලයෙන් නවත්වල තිබුණු ඒ ලිපි ලේඛන ඒ වගේම පරිසර අධිකාරිය , මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, වන සංරක්ෂණ, වන ජිවි ආදි ආයතන 16කට පමණ ගිහින් හිරවෙලා තිබුණු ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක කරගෙන යනවා . ඒ කියන්නේ මේ වන විට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම ආරම්භ කරල තියෙනවා කියන එක . බලපත්‍ර නිකුත් කරන එක, L.O ලබා දෙන එක සිදු කරමින් පවතිනවා.ඒ වගේම අනෙකුත් අයතනවලට මේ සඳහා අවශ්‍ය ලියකියවිලි දින 14ක කාලයක් ඇතුළත ලබා දෙන්න කියන නියෝගය සිදු කරල තියෙනවා "




