ගොවි ජනතාව දැඩි උනන්දුවකින් රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සමඟ එක් වී සිටින බවත් වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවකටම වී තොග ලැබෙමින් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ යළ කන්නයේ වී මිලදී ගැනීම නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අම්පාර වී ගබඩාව මේ වන විටත් පිරී පවතී. ගොවි ජනතාව ප්‍රකාශ කළේ ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමට රජය ගත් තීන්දුව ඉතා ප්‍රශංසනීය බවයි. දිවයින පුරා යල කන්නයේ වී අස්වනු 10%ක් මේ වනවිටත් නෙලමින් පවතින අතර, අත්පිට මුදලට, සහතික මිලට ගොවි බිමටම ගොස් සියලු වී මිලදී ගැනීමට දිවයින පුරා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, තෙත වී ද මෙවර වී අලෙවි මණ්ඩලය හරහා මිල දී ගනී.