අධ්‍යාපන ලේකම්වරයාගේ දැනුම්දීම පිළි නොගන්නා බවත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට පාසල්වලට නොයන බව ගුරු හා විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇත.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැටුප් විෂමතා ගැටළුවලට විසඳුම් ලබා නොදී සේවයට කැඳවීම පිළිනොගන්නා බව ද ගුරු හා විදුහල්පති සංගම් නායකයන් අධ්‍යාපන ලේකම්වරයාට මෙසේ ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ගුරුවරුන් හෝ අනධ්‍යයන සේවකයින් හෝ සේවයට වාර්තා නොකරන බව ද එම ලිපියේ සඳහන් වේ.