හෙළ බොදු සවිය සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය කිසිවිටකත් නැවත හකුලා නොගන්නා ලෙසයි.
ආරක්ෂක හමුදා යොදවා හෝ පොහොර සඟවාගෙන තිබෙන ස්ථාන සොයාගෙන ඒවා ජනතාවට බෙදා දීමට කටයුතු කළ යුතු බවත් කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අතිශයින්ම දූරදර්ශී බවත් උන්වහන්සේ පැවසූහ.
තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ රටේ පොහොර හිඟයක් නැති බවත් සමහර කූට වෙළඳුන් පොහොර සඟවාගෙන සිටින බවත්ය.
කාබනික ගොවිතැනට යොමුවීමට රජය ගත් මෙම තීරණය වෙනස් නොවිය යුතු බව සඳහන් කළ උන්වහන්සේ රජයේ මෙම වැඩපිළිවෙළට රටේ අනාගතය ගැන සිතන සියලු දෙනා සහාය දැක්විය යුතු බවද සඳහන් කළහ .
ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කළේ විවිධ චෝදනා විවේචන තිබෙන බව සත්‍යය වුවත් ඒවා මැඩගෙන මේ අරමුණ වෙනුවෙන් එක එල්ලේ ගමන් කළ යුතු බවයි.