අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කෙරෙන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව දිවයින පුරා සමීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා දුන් උපදෙස් අනුව යමින් එහි මූලික පියවරක් ලෙස කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රට පුරා සමීක්ෂණ අරඹා තිබෙනවා.
මේ කාරණය පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවේදීද පසුගියදා සාකච්ඡා කෙරුණ අතර විවිධ හේතු නිසා ඇතැම් පිරිස් එන්නත ලබාගැනීමට බිය වී සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට රජය සියලු පහසුකම් සලසා දී තිබියදී 1% එකකට වඩා අඩු පිරිසක් එන්නත ලබා ගැනීම මග හරින බවත් එම කණ්ඩායම් තුනක් සිටින බවත් ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එන්නත් කටු ගසනවාට බිය වී සිටින පිරිස, තමාට ඉහළ ප්‍රතිශක්තියක් ඇතැයි අධිතක්සේරු වෙන් සිටින පිරිස සහ එන්නත් භාවිතයෙන් වෙනත් අතුරු පල ඇති වේයැයි බියෙන් සිටින පිරිස එන්නත ලබා ගැනීම එම කණ්ඩායම් තුන බව ඔහු පැවසුවා