දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු යැයි දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සියලුම පළාත්, කලාපීය, ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයින් විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය අනූව කටයුතු කළ යුතු බව මෙහි සඳහන්.
ඒ අනුව සියලු දෙනාම සාමාන්‍ය පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හෙට (02) සිට රාජකාරිවලට වාර්තා කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක්‍රලේඛයේ සඳහන් වේ.