මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් කෝටි 8 කට අධික වටිකමින් යුත් මෙම සීනි හා සීනි පැණි තොගය වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (06) සොයා ගැනීමට සමත් විය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 625,000 ක් සහ සීනි පැණි තොගයත්, මෙම භාණ්ඩ ගබඩා කර තිබූ ගබඩාවේ භාරකරු ලෙස සිටි පුද්ගලයාත් වැඩිදුර විමර්ශණ සදහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශණ අංශයට බාරදී තිබේ.
මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාප අණදෙන නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමනවර්ධන සහ සහකාර පොලිස් අධිකාරි අරුණ කටුගම්පල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස්. කුලසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.