තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ රටපුරා තැපැල් සේවකයන් පන්සියයකට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනයවී ඇති බවත් තැපැල් සේවකයන් දහසකට වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසා නිරෝධායනයට යොමුවී සිටින බවත් ය.
ඇතිවූ අවදානම සැලකිල්ලට ගෙන ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල 50 ක් පමණ දැනට වසා දමා ඇත. එම තැපැල්හල් ක්‍රමානුකූලව විවෘත කිරීමට තමා දැනටමත් උපදෙස්දී ඇතැයිද එමහතා පැවැසුවේය.
රංජිත් ආරියරත්න මහතා තවදුරටත් සඳහන් කළේ තැපල් සේවය අනිවාර්ය සේවයක් බවට පත්කර ඇති හෙයින් තැපැල් කාර්යාල දින හයක් විවෘත කර තැබීමට මුල දී තීරණය කළද ප්‍රවාහන අපහසුතා හේතුවෙන් එය දින හතරක් දක්වා අඩු කිරීමට වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තීරණය කළ බවත් එම දින හතරේ දී තැපල් සේවය උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවත්ය.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ තැපැල් කාර්යාලවල අනුගමනය කළ යුතු විශේෂ සෞඛ්‍ය නීති මාලාවක් හඳුන්වාදී ඇති බවත් තැපැල් සේවකයන් එම සෞඛ්‍ය නීති වලට දැඩි ලෙස අනුගතව කටයුතු කිරිම අනිවාර්ය බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




