2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් (15) අවසන් වනවා.
රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාග පැවැත්වෙන දිනය දීර්ඝ කරන බව පසුගිය සැප්තැම්බර් 02 දා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මෙවර සියලුම අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් කැඳවනු ලබන අතර ඒ සඳහා අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම (app) වන 'DoE' වෙත පැමිණ එහි ඇති උපදෙස් හොඳින් කියවා අයදුම්පත මාර්ගගතව ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
රජයේ පාසල්වල සිසුන් ඉහත විභාග සඳහා අයදුම් කළ යුත්තේ අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (username) සහ මුර පද (password) භාවිත කරමින් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් වලට අනුකූලව අයදුම්පත්‍රය පෞද්ගලිකව සම්පූර්ණ කළ යුතුය.
විභාග අපේක්ෂකයන් විසින් අයදුම් පත්‍රයේ පිටපතක් ලබා ගෙන එය ආරක්ෂිතව ළඟ තබා ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




