පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී සිරකරුවන් දෙදෙනෙකු මරා දමන බවට තර්ජනය කළ බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා පවසන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙකු අමාත්‍යවරයා ඉදිරිපිට දණ ගස්වා තම පෞද්ගලික ගිනි අවිය පෙන්වා ඔවුන්ව එම ස්ථානයේම මරා දමන බවට තර්ජනය කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වී ඇති මොහොතක ඇමතිවරයෙකු මේ ආකාරයෙන් හැසිරීම රජයෙන් නොසන්සුන් භාවය පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




