බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ට තර්ජනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන තුරු වහාම සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලොහාන් රත්වත්ත මහතාට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉතාලි සංචාරයේ යෙදී සිටින අග්‍රමාත්‍යවරයා ලොහාන් රත්වත්ත අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ද පවසා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





