ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවේ රාජ සන්තක කරන ලද වියලි කහ කැබලි සහ කහ කුඩු, කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කුළු බඩු අලෙවි මණ්ඩලය වෙත මුදාහළ බවයි.
කහ කුඩු කිලෝ ග්රූම් 18500 ක් පමණ ද වියලි කහ කැබලි 81500 ක් පමණ ද තිබු බවත් මෙම කහ තොගය ඉකුත් මාසයේ රේගුවෙන් මුදාහල බවත් එය කුළු බඩු මණ්ඩලය විසින් සුදුසු අයුරින් ජනතා පරිභෝජනය සඳහා නිකුත් කරනු ඇති බවත් ඇය කීවාය.
කුළුබඩු අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය පැවසුවේ එම කහ තොගය කුළුබඩු අලෙවි මණ්ඩලය වෙත ලැබී ඇති අතර පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව පරික්ෂණ කරමින් සිටින බවයි. පරික්ෂණවලින් පසු කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා ද සතොස හරහා ද අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත්. එම කහ ග්රූම් සියය රුපියල් දෙසීය බැගින් අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
වෙළඳපොලේ මේ වනවිට කහ කුඩු ග්රූම් සියය රුපියල් දහසකට ආසන්න මුදලකට අලෙවි වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




