රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය කෙරෙන එන්නත් කාඩ්පත් සහ පත්‍රිකා කෝටි හතරක් මුද්‍රණය කර සෞඛ්‍ය අංශවලට බාරදී ඇති බවයි.
රජය විසින් මේ සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ගෙවා ඇති මුදල රුපියල් කෝටි හතරකට ආසන්න අතර එන්නත් කාඩ්පත් කෝටි දෙකක් සහ පත්‍රිකා කෝටි දෙකක් මෙසේ මුද්‍රණය කරනු ලැබ ඇත.රජයේ මුද්‍රණාලාධිපතිනිය පැවසුවේ එන්නත් කාඩ්පත් සහ පත්‍රිකා මුද්‍රණය තවදුරටත් කරගෙන යන බවත් සහනදායි මිලකට ඒවා මුද්‍රණය කරන බවද සඳහන් කළාය.
කෝවිඩ් අරමුදල විසිනි එන්නත් කාඩ්පත් සහ පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවූ මුදල් ගෙවනු ලැබූ අතර කොවිඩ් මර්දන එන්නත කෝටි දෙකකට වැඩි ජන පිරිසකට ලබා දීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




