Header Ads

උණුසුම් පුවත්

හදිසි අවශ්‍යතා ඇති අයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආගමන හා විගමන lanka මාතර, මහනුවර, කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශීය කාර්යාල අත්‍යවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් අද (15) සිට විවෘත කරන බවයි.

ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කියා සිටියේ  බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට ක්‍රියාත්මක වන ආකාරයට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරන බවය.

එමෙන්ම පවතින තත්වය යටතේ සේවා සැපයීමේ තීරණ වරින් වර වෙනස්විය හැකි බවත් එමහතා පැවසීය.

පහත සඳහන් ප්‍රාදේශීය කාර්යාලවල  දුරකථනවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
මාතර (0415412212 හෝ 0415104444), මහනුවර (0815624509 හෝ 0815624470), කුරුණෑගල (0375550562 හෝ 0375550563) සහ වවුනියාව (0255676344 හෝ 0255676345)


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.