බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ගුවන්තොටුපලේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවිඩයක් හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වනවා.
එම ඊමේල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ එළැඹෙන 20 වන දා කටුනායක ගුවන්තොටුපළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත් ඔවුන් විසින් නම් කරන පුද්ගලයන් සිවුදෙනකු වහාම මුදා හරින ලෙසත් ය.බංගලාදේශ හමුදාවට සම්බන්ධ ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ ඔස්සේ මෙම ඊ-මේල් පණිවිඩය ශ්‍රී ලංකාවට එවා ඇති අතර එම ඊමේල් පණිවුඩය පරික්ෂා කිරීමේදී ගුවන්තොටුපල වෙබ් අඩවිය තුලට රිංගා දත්ත සොරකම් කිරීමේ අරමුණින් මෙය සිදු කළ බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
කෙසේ වෙතත් මෙම අනතුරු ඇඟවීමෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ආරක්ෂාව තරකර ඇති අතර හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙරහුරු සිදුකරමින් පවතිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.