කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු ඉදිකිරීම් සමාගමක සේවකයකු වේ.
මෙම සැකකරු මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවලට පැමිණ දින 12 පමණ වන බව ද පොලිසිය කියයි.
පරීක්ෂණවලදී හෙළිී තිබෙන්නේ සැකකරු අධික ලෙස ණය වී සිටින පුද්ගලයෙකු වන බැවින් අත්බෝම්බය තබා ඔහු විසින් එහි ඔත්තුව ලබාදී ඇත්තේ රෝහලෙන් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණ ඇතිව බවටයි.
මෙවැනි ආකාරයෙන් බෝම්බය පුපුරා යා හැකි වන ආකාරයෙන් සැලසුම් කළ හැක්කේ බෝම්බ පිළිබඳ මනා දැනුමක් තිබෙන තැනැත්තකුට පමණක් බව ද පොලිසිය සඳහන් කරන අතර ඔහු හිටපු සාමාජිකයෙකුද යනුවෙන් සැක පහල කරනවා.
මෙහා විසින් බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යාමට සකස් කර තිබී ඇතිබවත් සඳහන්.
මෙම රෝහලේ මේ වන විට ප්‍රභූ පුද්ගලයන් දෙදෙනකු ද නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.