රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රධාන නගර සහ උප නගරවල පිහිටි පෞද්ගලික සුපර් මාකට්, තොග වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල්වල හාල් සහ රතු සීනි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
වෙළඳසැල් හිමියන් ද පැවසුවේ
නාඩු සහ සම්බා සහල් ඇතැම් පුද්ගලික වෙළසැල් වල දින ගණනාවක් තිස්සේ නොමැති බවත් රතු සීනි වල ද හිඟයක් පවතින බවය. සුදු සහ රතු කැකුලු සහල්, වෙළඳසැල්වල ඇතත් ඒවා ද වරින් වර අවසන්වීම නිසා ව්‍යාපාරිකයන් මෙන් ම පාරිභෝගිකයන් ද දැඩි අසීරුතාවලට පත්ව සිටිති.
කිලෝ පහ, කිලෝ දහය සහ කිලෝ විසිපහේ හාල් මලු ඇතැම් වෙළඳසැල්වල වෙන ම අහුරා ඇතත් මිලදී ගත් ආයතනවලට ආපසු යැවීම සඳහා යැයි පුවරු ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා අලෙවි නොකරති.
එම සහල් වැඩි මිලට තොග වශයෙන් ලබාගත් ඒවා නිසා ඒවා වර්තමානයේ ඇති පාලන මිලට අලෙවි කිරීමෙන් විශාල පාඩුවක් විඳිමට සිදුව ඇති නිසා මිලදී ගත් නියෝජිතයන්ට ආපසු ලබාදීමට එසේ රඳවා ඇති බව ව්‍යාපාරිකයන් පවසන ලදී.
කොළඹ තොග වෙළඳපොලේ වැඩිපුර ඇත්තේ සුදු සිනි බැවින් රතු සීනි හිඟ බවද ව්‍යාපාරිකයන් පැවසුවේය.
සතොස වෙළඳසැල්වලින් එක් පාරිභෝගිකයෙකුට හාල් කිලෝ පහක් නිකුත් කළ සීමාව දැන් හාල් කිලෝ දහය දක්වා වැඩිකර තිබේ. පාරිභෝගිකයෝ පැවසූවේ සතොස වෙළඳසැල්වල නාඩු, සම්බා, සුදු සහ රතු කැකුලු සහල් සහ රතු සීනි ද තිබෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




