එම පනත් කෙටුම්පත එලෙස සහතිකය සටහන් කළ මොහොතේ සිටම බලාත්මක වනු ඇත.
ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය(සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පස්වරුවේ සම්මත විය.
මෙම පනත් කෙටුම්පත වෙළෙඳ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 06 වැනිදා ඉදිරිපත් කළ අතර පසුගිය මස 19 වැනිදා පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කෙරිණි.
පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන භාණ්ඩ උපරිම සිල්ලර මිලට අලෙවි නොකරන වෙළඳ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත මගින් සැලසෙනු ඇත.තනි ව්‍යාපාර සහ ආයතන හෝ සමාගම් ලෙස ලියාපදිංචි කළ සියලු ව්‍යාපාර සම්බන්ධයෙන් මෙතෙක් නියම කර තිබූ දඩ මුදල්ද මේ අනුව සංශෝධනය වීමට නියමිතය.
වෙළෙඳ අමාත්‍යාංශය පැවසුවේ මේ චෝදනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වැරදිකරුවන්වන පුද්ගලයින් මෙම දඩ මුදලට යටත්කිරීම හෝ බන්ධනාගාරගත කිරීම හෝ මෙම දඩුවම් දෙකටම යටත් කිරීම කළ හැකි බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




