රට විවෘත කර බස් සහ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර රාජ්‍ය සේවකයන් සියයට 100 ක් එකවර කැඳවුවහොත් පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් ආරම්භයේදී රජයේ සේවකයන්ගෙන් සියයට 25 ක් පමණ කැඳවීම වඩාත් හොඳම පියවර බවත් මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.
එමහතා තවදුරටත් පැවසුවේ මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවත් අඩු වී නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පෙර තිබූ තත්වයට වඩා වර්තමාන තත්වය ගොඩක් යහපත් වී තිබෙන බවත් දැඩි සෞඛ්‍ය නීති යටතේ සේවකයන් අඩු ප්‍රමාණයක් කැඳවමින් පළමුවෙන්ම සතියක පමණ කාලයක් දැඩි අවධානය යොමු කරමින් ඉදිරියට යා යුතු බවය.
වෛද්‍යවරයා රට විවෘත කිරීම පිළිබඳව වැඩි දුරටත් මෙසේ පැවසීය.
“රයේ සේවකයන් සියයට 25 ක් පමණ තමයි කැඳවිය යුත්තේ. සියලු දෙනා එකවර කැඳවුවහොත් බස් සහ දුම්රිය පහසුකම් ප්‍රමාණවත් වෙන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවාවලින් තමයි ප්‍රධාන වශයෙන්ම කොවිඩ් වයිරසය පැතිරෙන්නේ.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැතුණ ද වාහන ගොඩක් මාර්ගවල දැකිය හැකි වුවත් රෝගය පැතිරීම අඩුවෙලා තියෙනවා. ඒ පෞද්ගලික වාහනවල යන්නේ එක ගෙදර එසේත් නැත්නම් එක පවුලේ සාමාජිකයන් ඒ නිසා පැතිරීමක් නෑ. රට විවෘත කළත් අපිට සාද, විවාහ උත්සව ඇතුලු පිරිස් රැස්වන දේවල් කරන්න තමව අවස්ථාවක් නෑ.
රට තුළ මේ වන විට එන්නත්කරණය හොඳටම ක්‍රියාත්මක වෙනවා. තරුණ පිරිසගෙනුත් ඉල්ලන්නේ එන්නත මොකක්ද කියන එක ගැන හිතන්නේ නැතුව එන්නත් දෙකම ලබාගන්න. ළඟම එන්නත හොඳම එන්නත කියලා එන්නත ලබාගන්න”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




