කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ තම පුද්ගලිකව අදහස අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දඬුවම් දෙකක් ලබාදී තිබීම බරපතල වැඩිය යන්නයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ වරදක් කළ රන්ජන් රාමනායක මහතාට අධිකරණයෙන් දඬුවමක් ලැබුණු අතර, 1,50,000කට ආසන්න ජනතා කැමැත්තෙන් තේරී පත්වූ ඔහුගේ මන්ත්‍රීධූරය ද අහෝසි කෙරුණු බවයි. එය පුරවැසියකුට දිය හැකි බරපතල දඬුවමක් බවත් රන්ජන් රාමනායක මහතාට එවැනි දඬුවම් දෙකක් හිමිවීම බරපතල වැඩි බව ද කීවේය.
රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුව ඔහු දෙස ද්වේශසහගතව නොබලන බවත් ‘ඒ ගැන ධනාත්මකව කල්පනා කරමු’ යැයි අලහප්පෙරුම මහතා පැවසුවේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




