පසුගිය වසර 103 තුළ වෛද්‍ය විද්‍යාවේ දියුණුව ඇදහිය නොහැකි තරම් වුවද 1918 උණ වසංගතයට වඩා කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇමෙරිකානුවන් බොහෝ පිරිසක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ දක්වා ආසන්න වශයෙන් ඇමරිකානුවන් 675,000 ක් පමණ මිය ගොස් ඇති අතර 2022 ජනවාරි මාසය වන විට එය තවත් මරණ ලක්ෂයකින් පමණ ඉහළ යනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලය පවසයි.
1918 වර්ෂයට වඩා අද වන විට ඇමරිකාවේ ජනග්‍රහනය තුන් ගුණයකින් වැඩි වී ඇති අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ එම කාලවකවානුවේ වසංගතය මර්දනය සඳහා එන්නත් ක්‍රමයක් ද නොතිබූ බවයි.
1918 උණ වසංගතයට සාපේක්ෂව තාක්ෂණික දියුණුව කෝවිඩ් වසංගතය පැතිරීමට හේතු වූ බව හාවඩ් මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග විද්‍යාඥ ස්ටීවන් කිස්ලර් පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




