කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මෙරට තරුණ පිරිස් දක්වන මැලිකම රට තුළ වෛරස ව්‍යාප්තිය ඉහළ දැමීමේ අවදානමක් ඇති කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වෙත තරුණයින්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පවතින බවයි.
එමෙන්ම තරුණ පිරිසට මෙම රෝගය බරපතළ නොවුනද සමාජය තුළ තවදුරටත් වෛරසය පැවතීම හේතුවෙන් නව වෛරස ප්‍රභේද ඇති වීමේ හැකියාවක් පවතින බවත් එම නව ප්‍රභේද වර්තමාන එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන අතර එය ඉතා අවදානම් තත්ත්වයක් බවත් වෛද්‍යවරයා කියා සිටියා.
ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් ලබාදීම නිර්දේශ කරන්නේ එමගින් ජනතාවගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ අවදානම ඉතා අඩු වන නිසා බව ඔහු අවධාරණය කරනවා.
තවදුරටත් ප්‍රමාදයකින් තොරව එන්නත ලබා ගැනීම සඳහා තරුණයින් සහ සෙසු පිරිස උනන්දු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




