කොරෝනා වෛරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත දී ඝාතනය කළ ව්‍යාපාරිකයකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ දේපල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් හුස්ම හිරකර ඇයව මරා දමා ඇති බවයි.
ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ට සහ ඇඳ ඇතිරිලි පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ තුන් වෙනි පටුමග,එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි 45 හැවිරිදි කළණි යසින්තා මාපලගම නම් කාන්තාවයි.
ඉකුත් 15 වනදා රාත්‍රී 10 ට පමණ සැකකරු විසින් තම බිරිඳ නිදි යන මතම මියගොස් ඇති බව ඇගේ සහෝදරයාට දුරකතනයෙන් දැනුම් දීමෙන් පසුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
තම සහෝදරියගේ සැමියා සැක කටයුතු අන්දමින් හැසිරුණු බවත් බෙල්ලේ තිබූ සීරීම් තුවාලයක් නිතරම කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදුන බවත් මියගිය කාන්තාවගේ සොහොයුරා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම්. සම්පත් සේනතුංග මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව නාසය සහ මුඛය තද වන ආකාරයට සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාව මත මෙම මරණය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා මියගිය කාන්තාව සතු දේපල ලබා ගැනීමෙන් පසුව වෙනත් කාන්තාවක් හා විවාහ වීමට සැලසුම් කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






