ඇෆ්ගන් තලේබාන්වරුන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කරමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී, සැසිය ඇමැතීමටත් තමන්ට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා ස්ටෙෆනී ඩුජරික් පැහැදිලි කරන පරිදි මෙම ඉල්ලීම තලේබාන් නව රජය වෙනුවෙන් කර ඇත්තේ ඇෆ්ගන් නව රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී විසිනි
මාධ්‍ය හමුවේදී එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා ස්ටෙෆනී ඩුජරික් අනාවරණය කළේ ''තලේබාන් සංවිධානයෙන් මහ ලේකම්තුමන්ට ලිපියක් ලැබී තිබෙනවා. ජගත් මහ සමුළුවට සහභාගී වෙන්නැයි තලේබාන්වරුන් ඉල්ලීමක් කර තිබෙනවා' කියා
ඇෆ්ගනිස්තානයේ යළි බලයට පත් තලේබාන් සංවිධානය උත්සාහ ගන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටය. තමන් ජනතා හිතැති පාලනයක් හඳුන්වා දෙන බවට තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




