දිස්ත්‍රික් 5ක ප්‍රදේශ ගණනාවකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාකික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
රටපුරා ප්‍රදේශ ගණනාවක අධික වැසි හා තද සුළං තත්ත්වය හේතුවෙන් මෙසේ අවධානයෙන් සිටිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කය -(ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල, රත්නපුර), නුවරඑළිය -(අඹගමුව), ගාල්ල -(ඇල්පිටිය, නෙළුව), කෑගල්ල -(යටියන්තොට, රුවන්වැල්ල), මාතර -(අකුරැස්ස, කොටපොළ) යන ප්‍රදේශවලටනායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
නායයාම්, පස් කඳු කඩාවැටීම් හෝ ගිලා බැසීම් ආදි වැසි තත්ත්වය හේතුවෙන් සිදුවන ස්වභාවික ආපදාවක් පිළිබඳ දැනුම් දීමට දුරකතන කෙටි අංක 117 අමතා දැනුම් දිය හැකි බව ජනතාවට දන්වා සිටී.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.