ලොව පුරා දැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ වෘත්තීමය කළමණාකරණ ඉන්දියාවේ මුම්බායිහි පිහිටි නම ගිය කළමණාකරණ සමාගමකට පැවරූ බව ඇයගේ දේශීය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් පැවසීය.
ඉන්දියාවේ ප්‍රසංග දෙකක් ඇය බාරගෙන ඇත. මේ සමඟ එංගලන්තය ඇතුලු ලොව පුරා රටවලින් ප්‍රසංග සඳහා ආරාධනා ගළා එන බවත් එම කිසිඳු ආරාධනාවක් යොහානි මේ දක්වා ස්ථිර කර නොමැති බවත් ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ලෝකයෙන් එන ආරාධනා සම්බන්ධයෙන් වඩාත් හොඳ ආකාරයකට කළමනාකරණය කළ යුතු නිසාවෙන් ඉන්දියාවේ නම්දැරූ රංගන සහ සංගීත ශිල්පීන් කළමනාකරණය කරන සමාගමකට යොහානිගේ කටයුතු ද බාරදුන් බව එමහතා පැවසීය.
මේ මස 30 වැනිදා සහ ඔක්තෝබර් 3 වැනිදා ඉන්දියාවේ දිල්ලිහිදී සහ හයිද්‍රාබාද්හිදී සංගීත ප්‍රසංග දෙකකට ඇය සහභාගි වීමට නියමිත බවත් එම සංචාරයෙන් පසුව ඇයගේ කළමනාකරු මුම්බායි නුවරට ගොස් එම කළමණාකරණ සමාගමක සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් එම ප්‍රකාශකයා වැඩිදුරත් පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.