නොරොච්චෝල පොලිසිය පවසා සිටියේ ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය බත්තලක් අද අලුයම, සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න නොරොච්චෝල ජැටිය වෙත පාවී ගොස් ඇත.
මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළවී අනතුරට පත්ව ඇත.
එහිදී ඉලංතඩිය ධීවරයන් විසින් එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා, මුදා ගෙන ඇත.
ප්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල්අඟුරු ප්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව ඇත.
නොරොච්චෝල පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ පවතින දේශගුණික තත්ත්වය සලකා බලා,වෙනත් යාත්‍රාවක උදව්වෙන් මෙම බත්තල දියබ මුහුදින් බළාගාරය වෙත ඇදගෙන යාමට නියමිත බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.