මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමට දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් සමත් වූවාය.
රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ නමැති මෙම දියණිය
ගතින් වාරු නැතත් සිතේ ශක්තියෙන් හා නොපසුබට ආත්ම විශ්වාසයෙන් ඇය බොහෝ අභියෝග මැද මෙම විශිෂ්ඨ දක්ෂතාවය දක්වා ඇත. ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණිකව ඇති මෙම දියණියට වයස අවුරුදු 16 ක් වුවද අවුරුදු පහක් තරම්වත් පෙනුමක් නොමැත.
සාමාන්‍ය දරුවකු තරමට නොහැකි වුවත් සෙමෙන් අකුරු ලිවීමේ හැකියාවක් ඇයට පවතී. පොතපත මෙන්ම සියලු ලිපි ද්‍රව්‍ය ඇය ළඟටම සපයා දිය යුතු අතර පෑනේ විල්ල පවා ගලවා ඇයගේ අතේ තැබිය යුතුය. වෙනත් කෙනකු විසින් පොතේ පිටු පවා පෙරලා දීම සිදු කර දිය යුතුව ඇත. ඇය පාසලට කැදවා ගෙන ඒම හා නැවත කැදවා ගෙන යාම මාපියන් විසින් සිදු කරන්නේ වඩා ගෙනය.
වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති පාසලේ අ.පො.ස.සාමාන්‍ය පෙල හොදම ප්‍රතිඵලය ද මෙවර වාර්තා වූ අතර විභාගයට පෙනී සිටි දරු දැරියන් 21 දෙනා අතුරින් දෙව්මි සහ ඇගේ මිතුරියක් විෂයයන් සියල්ලටම ඒ සාමාර්ථ හිමි කර ගෙන තිබුණාය.
දෙව්මි කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවී පාසලෙන් ඉගෙනුම ලැබු අධ්‍යාපනයෙන් හා පොත පත කියවීමෙන් ලැබු දැනුමෙන් පමණක් ජයග්‍රහණය ලබා ගෙන ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇයට සුබ පැතීම සදහා එක්වී තිබුණි.
45 හැවිරිදි දෙව්මි ගේ මව වන කුසුමිණි අබේගුණවර්ධන මහත්මිය එම පාසලේම සේවය කරන සිංහල විෂය උගන්වන ගුරුවරියකි. මේ නිසා දෙව්මි රැගෙන ඒම හා රැගෙන යාමට විශාල පහසුවක් වී තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර අඩවි වන නිලධාරී කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙක් වන මහින්ද කුලතුංග රාජපක්ෂ (49) මහතා දෙව්මිගෙ පියාය.
දිනුක රාජපක්ෂ (13) ශිෂ්‍යත්ව විභාගය සමත් වී මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ද සිතුක රාජපක්ෂ (11) සද්ධර්මරාජ විද්‍යාලයේම ද ඉගෙනුම ලබමින් සිටින්නේ දෙව්මිගෙ බාල සහෝදරයින් දෙදෙනාය.
දෙව්මි නිතර අසනීප වන අතර එම නිසා විටින් විට රෝහල ගත කිරීමට සිදු වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත.
ගණිත අංශයෙන් අ.පො.ස.උසස් පෙළ හැදැරීම ඇයගේ ආශාව වුවද ඒ සදහා මනස වැඩි වශයෙන් වෙහෙසිය යුතු නිසා එම ආශාව අතහැර දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි තොරතුරු තාක්ෂණය සමග වාණිජ අංශයෙන් ඉදිරියට යාමට ඇය මේ වන විට හිත හදා ගෙන ඇත.
උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකාවෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීම ඇයගේ මීලග ඉලක්කයයි.ඉන් පසු ඊලග බලාපොරොත්තුව වෙනුවෙන් වෙහෙසෙන බවත් බලාපොරොත්තු පොදි බැද ගෙන නැති බවත් එසේ බලාපොරොත්තු තබා ගත හැකි තරමට තම සෞඛ්‍ය තත්වය යහපත් නොමැති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
තම පියාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ දෙව්මි රන්සරා මෙවැනි සංවේදී සටහනක් තබා ඇත.
“ගතින් දුබල වු මා සිතින් කිසිදා නොවැටී දිවි මගේ කිසිදා නෙතග කදුලක් නොසලා අතරමග නොසැලී ආ අභියෝගාත්මක ගමන් මගේ ජය ටැඹක් වු අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක් ලබා ගත්තෙමි.වෙර නැති මා ගතට සෙවනැල්ල සේ වෙරදුන් මගේ සෙනෙහෙබර මෑණියන්ටත් පියාණන්ටත් මල්ලිලා දෙන්නාටත් නෑ හිත මිතුරන්ටත් පලමු ශ්‍රේණියේ සිට සිප් සතර දුන් ගුරුවරුන්ටත් විදුහල්පතිතුමාටත් සහෝදර මිතුරු කැලටත් ප්‍රදේශවාසීන්ටත්රදේශවාසීන්ටත් රටවාසීන්ටත් මේ ප්‍රීතිජනක අවස්ථාවේ කෘතවේදීත්වය පුද කරමි.”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.