කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් වන ගැටලු විසඳීමට රජය අපොහොසත් වූ නිසා ඊයේ (27) උදෑසන 7 සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලුම රජයේ රෝහල්වල පැය පහක වැඩවර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ හෙද සේවකයින්, පරිපූරක වෛද්‍ය සේවාවන්, රියදුරන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය සේවකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් මෙම වර්ජනයට එක්වන බවයි.
කොවිඩ් වාතාවරණය තුළ සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් ගෙවන ලද රුපියල් 7,500 ක සහන දීමනාව අගෝස්තු 30දා සිට නවතා දැමීම,අතිකාල නිවාඩු ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම,සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට නිසි පහසුකම් ලබා නොදීම ඇතුළු කරුණු අටක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.