විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරමින් රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි පවසා ඇත.
සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසුවේ වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිකරණය අඩු බැවින් මෙම ඉල්ලීම කරන බවත්
සයිනොෆාම් එන්නත ලබාදුන් අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් සියයට 7ක පිරිසකට ප්‍රතිශක්තිකරණයක් වී නොමැති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී ඇති නිසා එම අඩුව පිරවීම සඳහා සුදුසුවන්නේ ෆයිසර් එන්නත යැයි අවධාරණය කර කීය.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ කොවිඞ් ආසාදිතව මියගිය අයගෙන් සියයට 19ක් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයන් වූ අතර ඔවුන්ගෙන් බහුතරය සයිනොෆාම් එන්නත ලබා දුන් අවුරුදු 60 ඉක්මවූවන් බවට නිරීක්ෂණය වී ඇති හෙයින් සංජානීය ආබාධ සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් පසුව එහි සෙසු තොග මෙම වැඩිහිටි පිරිසට තුන් වැනි මාත්‍රාවක් හැටියට ලබාදීම ඒ අනුව ප්‍රමුඛ විය යුතු බවයි.
ලෝකය පුරාම දරුවන්ට එන්නත්කරණය සිදුවන්නේ කොවිඞ් වයිරසයෙන් ඔවුන්ට ඇතිවන සංකූලතාවලට වඩා ඔවුන්ගෙන් අනෙක් සමාජ කොටස්වලට රෝග ව්‍යාප්තිය වැලැක්වීම මූලික අරමුණ කරගෙන යැයි කී හෙතෙම මෙම ප්‍රමුඛතා පටලවා නොගත යුතු යැයි ද අවධාරණය කළේය.
ප්‍රනාන්දු මහතා පැවසුවේ රජය දැනට මෙම වැඩිහිටි පිරිසට නිසි අවධානයක් යොමු කර නැති නමුත් ඇතැම්විට ඊළඟ අවදානම්සහගත තත්ත්වය නිර්මාණය කරනු ලබන්නේ එම පිරිස විසින් වීමට ඉඩ ඇති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ එමහතා කොවිඩ් වයිරසයෙන් මිය ගිය මෙරට වයස අවුරුදු 12 ට වැඩි ළමයි සංඛ්‍යාව 7ක් යැයි ද එයින් පස් දෙනෙකුම විවිධ රෝගපීඩාවලට ලක්වූවන් යැයි කී හෙතෙම ප්‍රතිපත්ති සකසන්නන් මෙම කරුණු ගැන අවධානය යොමුකළ යුතු යැයි ද කීය.
ඒ මහතා කියා සිටියේ සයිනොෆාම් එන්නත තරුණ පිරිස්වලට හොඳ ප්‍රතිශක්තිකාරකයක් හෙයින් එම පිරිස් එය ලබානොගෙන ෆයිසර් එන්නත පසුපස යාම කිසිදු විද්‍යාත්මක පදනමක් නැති කනගාටුදායක තත්ත්වයකි.
සීත සෘර්තුවේදී සංචාරකයන්ට ලංකාව හොඳ වාසස්ථානයක් වනු ඇත්තේ මෙම විද්‍යාත්මක දත්ත මත තීන්දු ගතහොත් යැයි ද විවිධ කණ්ඩායම්වල වුවමනා එපාකම් අනුව ගනු ලබන තීන්දු නිසා නැවතත් රට අවදානමකට වැටිය හැකි යැයි ද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.