උපතේදී සෑම දරුවකුටම ළමා අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීමේ යෝජනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
මීට අමතරව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවට ද මෙම නව යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.
ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත් එම අංකය ඇතුළත් හැඳුනුම්පත අවුරුදු 16 දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබා දීම මඟින් දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ශක්තිමත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහ ලේකම් ආචාර්ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ මගින් සෑම දරුවකුටම මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් ඇතිවන අතර දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම, ළමා අපයෝජන සහ ළමා ශ්‍රමය සූරාකෑම, රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හදුනා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීම මෙන් ම අධ්‍යාපනික,මූල්‍ය හා සාමාජීය අවශ්‍යතා සැපයීමේ දී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිත කිරීම වැනි ප්‍රතිලාභ රැසක් මේ මගින් සැපයෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.