නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකරන ක්‍රියාවලිය අගය කරන අතර එමගින් ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත කලාපය කෙරෙහිම ධනාත්මක හැඟීමක් පිළිබිඹු වන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මෙම අදහස් දැක්වූයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සමග ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ දී පැවති සුහද හමුවකට එක්වෙමින්.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ප්‍රධානී ඇලන් කෝල් මහතාද මෙම හමුවට සහභාගී වුණා.
මෑත කාලය තුළ සිදු කළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් නීති විරෝධී ඖෂධ ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් නව නායකත්වය යටතේ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳවත් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කර ඇත.
වසංගත තත්වය තුළ ශ්‍රී ලංකා රජයේ කාර්යභාරය මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව ද හැම්ඩි මහත්මිය අගය කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




