නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැවසුවේ රට එකවර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බවයි.
රට එකවර විවෘත කිරීම නොකළ යුතු බව සෞඛ්‍ය අංශයේ මතය බවත් රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
එමහතා තවදුරටත් පැවසුවේ රට විවෘත කළත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපදිමින් ඥානාන්විතව කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි තවත් ඇතිවීම වැළැක්විය නොහැකි බවද කීවේය.
රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදී හේමන්ත හේරත් මහතා පැවසුවේ මෙතනදී ජනතාවට ලොකු කාර්යභාරයක් තිබෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




