කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දින සිට සිංගප්පූරුවේ දෛනික වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 01වනදා වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව රෝගීන් 2909 වාර්තා වූ අතර රෝහල්වල රෝගීන් 1356 දෙනෙක් ද අතිරේක ඔක්සිජන් ලබා දෙන රෝගීන් 222 ක් සහ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 34 දෙනෙකු සිටින බව වාර්තා වනවා.
පසුගිය දින 28 තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ සමස්ත ආසාධිතයදිතයින් ගණන 31,057 ක් වන අතර ඉන් 98.2% කට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර රටේ ඉහළ එන්නත් කරන අනුපාතය එයට හේතුව බවයි එරට සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම පසුගිය 30 වනදා වන විට සිංගප්පූරු ජනගහනයෙන් 82% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර අවම වශයෙන් 85% ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති අතර එය ලොව ඉහළ ම එන්නත්කරණ අනුපාතය වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.