මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කළ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවූයේය.
ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි කාන්තාවකට සහ මහරගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස අත්හිටවූ සිරදඩුවම් සහ දඩ නියම විය.
මෙම යුවළ ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැරි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකරමින් වරදක් සිදුකර ඇතැයි පැවසූහ.
සැකකරුවන් මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් අතර දඩ සහ අත්හිටපු සිරදඩුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.
දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ බලන්ගොඩ බොලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල අසල තරුණ යුවළක් නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන මෙම රූප පෙළ සහ වීඩියෝ පටය ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව පොදු ස්ථානවල සිදුකරන අශ්ලීල ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර අදාළ පුද්ගලයන්ට දඩුවම් ලබා දෙන ලෙසටය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.