ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා පැවසුවේ
අන්තර්ජාල හරහා අළෙවි කරන ‘ඔන්ලයින් ලොතරැයි’ ඉදිරිපත් කිරීමට සැළසුම් කරමින් සිටින බවයි.
ලලිත් පියුම් පෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ‘කොවිඩ්’ වසංගතයත් සමඟ ඇති වූ තත්වය හමුවේ කඩදාසි ලොතරැයිය අවසන් කර ‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමයට යෑමේ අවශ්‍යතාව වඩාත් කැපී පෙනුණු බවත් ‘ඔන්ලයින් ලොතරැයි’ ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තා ද මේ වන විට සකස්කර ඇති බවත් සඳහන් කළේය.
එමහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලොතරැයි අළෙවිකිරීමෙන් යැපෙන පවුල් 25000 ක් පමණ වන අළෙවි ජාලයට හානියක් නොවන ආකාරයට කළ යුතු බවත් එම අළෙවි ජාලයේ මිනිසුන් රැකබලාගැනීමේ ක්‍රමයක් සකස් කර ‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද කීය.
‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමයට නොයන්නේ ඇයි දැයි ‘කෝප් කමිටුව’ තමන්ගෙන් විමසූ බව ද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා වැඩි දුරටත් සදඟන් කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.