විදෙස් මාධ්‍ය වාර්තා කරේ කොවිඩ් 19' වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති බෙහෙත් පෙත්ත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.
'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ වර්ග කීපයක් මේ වනවිට නිර්මාණය කර තිබුනත් කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට පමණක් එම ඖෂධ ලබා දීම සිදුවන අතර, රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ එය සිදු වෙයි. එහෙත්, 'මොල්නුපියවියර්' බෙහෙත් පෙත්ත එසේ අවධානම් එකක් නොවන බවත්, එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි.
''කොවිඩ් 19" ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීම මොල්නුපියවියර්' බෙහෙත් පෙත්තෙන් සිදු වන අතර තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද මේ වනවිට සිදුකර අවසන්ය.
'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර බෙහෙත් කරල භාවිතයට අවසර ඉල්ලා තිබේ.
ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නෙ ඉදිරි දෙසතිය ඇතුළත 'මොල්නුපියවියර්' ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.
(රොයිටර්)
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.