වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු අමුත්තන් හට බන්ධනාගාර රැදවියන් පෙන්වීමේ කටයුතු ලබන සදුදා (4) සිට නැවත ආරම්භය කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරයි.
අමුත්තන් හට රැදවියන් පෙන්වීමේ ක්‍රියාවලිය ඉකුත් අගෝස්තු මස 07 වැනි දින සිට තාවකාලිකව අත්හිටුවා තිබිණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ රට තුළ පනවා තිබු සංචාරණ සීමා ලිහිල් කිරීමත් සමග බන්ධනාගාර සෞඛ්‍ය සේවා ලබා දුන් නිර්දේශයන්ට අනුකූලව සිර සැකකරුවන්ට නැවත අමුත්තන් පෙන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ කොවිඩ් 19 වසංගත තත්වය මේ වන විට මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදු කරන ලෙසය. එමෙන්ම හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන ලෙසද දන්වා සිටියේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.