ලබන වසරට අදාළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ වියදම් රුපියල් කෝටි 3300 කින් පමණ අඩු වන බව වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 2.78 ක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරවලට වඩා බිලියන 6.6 කින් අඩුවී ඇත.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 153.5 ක් වෙන් කර ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව බිලියන 6 කින් අඩු වී තිබෙනවා.
මෙම අයවැය යටතේ වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහා වන අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 18 කින් ඉහළ නංවා ඇත.
ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ රාජ්‍ය සේවා,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 286.7 කි. ඉන් බිලියන දෙසිය 286 ක්ම පුනරාවර්තන වියදම් වනවා.
තෙවනුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මහා මාර්ග අමාත්‍යාංශයට බවත් එය බිලියන 250.1ක් වන අතර ඉන් බිලියන 250 ක්ම ප්‍රාග්ධන වියදම් බව වාර්තා වෙයි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 127.6 ක් ලෙස ඉහළ දමා ඇති අතර ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3 ලෙස සඳහන් වනවා.
ඉන් බිලියන 1776ක් පුනරාවර්තන වියදම සඳහා වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.