ෆේස්බුක් (Facebook) සේවාවන් වන වට්ස්ඇප් (WhatsApp), ඉන්ස්ටග්‍රෑම් (Instagram), මැසෙන්ජර් (Messenger) මේ වන විට ලොවපුරා බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ක්‍රියාත්මක වන එකම ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාව ට්විටර් බැවින් ෆේස්බුක් ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු එහි අනෙකුත් ආයතන ට්විටර් මඟින් එය තහවුරු කර තිබේ.
මෙම බිඳවැටීමට හේතුව කුමක්ද යන්න තවමත් අපැහැදිලි නමුත් ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවියේ වාර්තා අනුව එය ගෝලීය බිඳවැටීමක් ලෙස පෙනීයයි. මේ වන විට විට ෆේස්බුක් හි කොටස් ද සියයට පහකින් පහත වැටී ඇත.
මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
We’re aware that some people are having trouble accessing our apps and products. We’re working to get things back to normal as quickly as possible, and we apologize for any inconvenience.
— Facebook (@Facebook) October 4, 2021
We’re aware that some people are having trouble accessing Facebook app. We’re working to get things back to normal as quickly as possible, and we apologize for any inconvenience.
— Facebook App (@facebookapp) October 4, 2021
We’re aware that some people are experiencing issues with WhatsApp at the moment. We’re working to get things back to normal and will send an update here as soon as possible.
— WhatsApp (@WhatsApp) October 4, 2021
Thanks for your patience!
මෙම ගැටළුව ඩී.එන්.එස්. (DNS) ගැටළුවක් නිසා ඇති වූවක් යැයි අනුමාන කෙරේ. ද වර්ජ් වෙබ් අඩවිය (theverge.com) සඳහන් කළ පරිදි, ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare)හි සභාපති ඩේන් නෙක්ට් ෆේස්බුක් ඩීඑන්එස් (DNS) සහ අනෙකුත් සේවාවන් ,අන්තර්ජාලයෙන් ඉවත්වමෙන් ක්‍රියා විරහිත වී ඇති බව ට්වීට් කළේය.
. @Facebook DNS and other services are down. It appears their BGP routes have been withdrawn from the internet. @Cloudflare 1.1.1.1 started seeing high failure in last 20mins.
— Dane Knecht (@dok2001) October 4, 2021
ෆේස්බුක් හි බිඳ වැටීම තරඟකරුවන් සඳහා අවස්ථාවක් වූ අතර, මේ වන විට පරිශීලකයින්ගේ විශාල ප්‍රමාණයක් ඔවුන් සමග ඒක්වීම දැක ගත හැකි බව හා "බිඳවැටීමකින් වැඩ කිරීම මොන වගේද කියා අපි ද දන්නා අතර අනෙකුත් වේදිකා වල සේවාවන් නැවත ගෙන ඒමේ වැඩ කරන ඉංජිනේරුවන්ට සුභ පැතුම්" යනුවෙනුත් සිග්නල් (Signal) ට්වීට් කර තිබේ.
Signups are way up on Signal (welcome everyone!) We also know what it’s like to work through an outage, and wish the best for the engineers working on bringing back service on other platforms #mondays
— Signal (@signalapp) October 4, 2021
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.
අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.