ලොව පුරා බිඳවැටුනු ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, මැසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාල නැවත යථා තත්වයට පත්ව තිබේ.
ඊයේ මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වූ අතර මෙම මාධ්‍ය සේවා පැය හයකට ආසන්න කාලයක් පැවති බිඳවැටීමකින් පසු නැවත යාථා තත්වයට පැමිණෙමින් තිබෙන බව ෆේස්බුක් පවසයි.
ඩවුන්ඩිටෙක්ටර් වෙඩ් අඩවිට වාර්තාකරන අන්දමට ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් සමාජ මාධ්‍ය වල දුටු විශාලතම බිදවැටීමයි.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල වල හි අවසන් වරට මෙවැනි බිදවැටීමක් ඇති වූයේ 2019 වර්ෂයේදී යි.
මේ අතර ෆේස්බුක් සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.
To the huge community of people and businesses around the world who depend on us: we're sorry. We’ve been working hard to restore access to our apps and services and are happy to report they are coming back online now. Thank you for bearing with us.
— Facebook (@Facebook) October 4, 2021

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.