කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ කොළඹ නගරයේ සැරිසරන බොහෝ දෙනකුගේ හැසිරීම සෞඛ්‍යආරක්ෂිත නොවන බවත් ඔවුන්ගෙන් බොහෝ පිරිසකගේ මුඛ ආවරණ පවා දැකිය නොහැකි බවයි.
වෛද්‍යවරයා ප්‍රකාශ කළේ තමා කොළඹ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් බොහෝ පිරිස් මුව ආවරණ නිකටේ පැලඳ සිටිනු එහිදී දැකගත හැකි වු බවත්
මෙය ඉතාම භයානක තත්ත්වයක් බවත්ය.
අඩු තරමින් තව වසර දෙකක්වත් නව සාමාන්‍යකරණය යටතේ ජීවත් වීමට සිදු වනු ඇති බවත් එමහතා පැවසුවේය.
මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 25,833ක් කොළඹ නගරයෙන් වාර්තාවී ඇති අතර එයින් පුද්ගලයින් 1,098ක් මියගොස් ඇති බවත් ප්‍රතිශතයක් ලෙස ගත්විට සමස්ත කොවිඩ් මරණවලින් සියයට 5ක් වාර්තාවූයේ කොළඹ නගරයෙන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.