13,000 කට අධික වූ ශ්‍රී ලාංකියන් පිරිසක් කොරෝනා’ වයිරසයට ගොදුරු වී මරණයට පත්වූ අතර ඊයේ (13) දින හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඔවුනට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් පැවත්විණි.
මෙම දානමය පිංකම අග්ග මහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි, අමරපුර මහා නිකායේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාතේ සංඝනායක සහ බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන යන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වූහ.
හුණුපිටිය ගංගාරාම විමාහරස්ථායේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ අනුශාසනාකත්වයෙන් මෙම දානමය පිංකම පැවති අතර උන්වහන්සේ පවසා සිටියේ ‘කොරෝනා’ ආසාදනය වීම හේතුවෙන් භික්‍ෂුන් වහන්සේ අසූ නමක් පමණ අපවත් වී ඇති බවයි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථායේ දායක සභාවේ සාමාජික දසුන් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික දායකත්වයෙන් මෙම දානය ප්‍රදානය කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.