අද (7) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බවයි.
එමහතා සඳහන් කළේ එම විභාග යම් කාලයකට කල් දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම්වීමට දරුවන්ට කාලය ලබා දීම අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඒ පිළිබඳව නුදුරේදීම ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බවත්ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ කොවිඩ් වසංගතය නිසා පාසල් වසාදැමීම සහ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය අදාළ විභාග කල්දැමීමට හේතුවූ ප්‍රධාන සාධක අතර වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.