නුගේගොඩ දෙල්කඳ හන්දියේදී අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් කෝටි ගණක් වටිනා මාධ්‍ය ය උපකරණ පුවාහණය කරමින් තිබූ ට්‍රක් රථයක් ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි.
මෝටර් රථයේ රියැදුරු හා තවත් පුද්ගලයෙකු තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබේ ඇත.
මෙම අනතුර ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.
සුඛෝපභෝගී කාර් රථ දෙකක් දෙල්කඳ හන්දිය දෙසසිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ගමන් ගත් කාර් රථයට වේගය පාලනය කර ගැනීමට වම්පස තාප්පයක පළමුව ගැටී අනතුරුව මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයේ පිටුපස කොටසේ ගැටුනු බවත් එම අවස්ථාවේ එක වරම මෝටර් රථය ගිනි ගැනීමට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පැවසීය.
මෙම අනතුර වී ඇත්තේ ශ්‍රව්‍ය දෘශ් මාධ්‍ය ය උපකරණ තොගයක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක් වෙත බාමින් සිටියදී බවත් පොලිසිය කියයි.
කෙසේ වෙතත් ගිණි නිවීමේ හමුදා පැමිණෙන විට ඒම රථ දෙක බොහෝදුරට ගිනි ගෙන තිබූ බව අසල සිටි අය පවසන අතර වීඩියෝ දර්ශණ ද ලැබී තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.